අපගේ දැක්ම
යහපාලනය තුළින් රාජ්‍ය සේවයේ විශිෂ්ටතම සේවා සපයන්නා බවට පත්වීම
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ත්‍රියාදාමයක් තුළින් තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන දිවිය නංවාලීමදේශාංශ 7’ 20 – 7’ 25 හා අක්ෂාංශ 80’ 25 - 80’ 30 අතර පිහිටි තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මධ්‍යම පළාතේ වයඹ බෑවුමට වන්නට ස්ථානගත වී ඇත. එය උතුරින් පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හා කුරුණැගල දිස්ත්‍රික් මායිමෙන් වට වි ඇති අතර, නැගෙනහිර දිශාවෙන් පුජාපිටිය පරිපාලන මායිමෙන් හා හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මායිම් වි ඇත. තවද දකුණු දිශාවෙන් හාරිස්පත්තුව පරිපාලන මායිමෙන් හා හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන මායිම සහ කුරුණැගල දිස්ත්‍රික් මායිමෙන් ද වට වි ඇත.දේශාංශ 7’ 20 – 7’ 25 හා අක්ෂාංශ 80’ 25 - 80’ 30 අතර පිහිටි තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මධ්‍යම පළාතේ වයඹ බෑවුමට වන්නට ස්ථානගත වී ඇත. එය උතුරින් පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හා කුරුණැගල දිස්ත්‍රික් මායිමෙන් වට වි ඇති අතර, නැගෙනහිර දිශාවෙන් පුජාපිටිය පරිපාලන මායිමෙන් හා හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මායිම් වි ඇත. තවද දකුණු දිශාවෙන් හාරිස්පත්තුව පරිපාලන මායිමෙන් හා හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන මායිම සහ කුරුණැගල දිස්ත්‍රික් මායිමෙන් ද වට වි ඇත.
ගලගෙදර මැතිවරණ බල ප්‍රදේශයට අයත් වු තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාම සේවා නිලධාරි වසම් 67 ක් ඇත. නමුත් කාලයකට ඉහතදි ගලගෙදර මැතිවරණ කොට්ඨාසය සතුව පැවතියේ ග්‍රාම නිලධාරි වසම් 124 කින් සමන්විත වු එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් පමණි. කෙසේ නමුත් වර්ෂ 1994 දි මහජනතාවගේ සුභසාධනය වෙනුවෙන් එය “ තුම්පනේ ” සහ “ හතරලියද්ද ” ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨස 02 කට බෙදනු ලැබේ. ග්‍රාම නිලධාරි වසම් 67 කින් සමන්විත වර්තමාන තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ක්‍රියාත්මක වුයේ 2000 වර්ෂයේ සිටය.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හිමි තුම්පනේ නාමයට පාදක වු ඉතාමත් ජනප්‍රිය ජනකථා හා විශ්වාස, ඓතිහාසික සිදුවීම් හා භූ විද්‍යාත්මක ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබේ. ඇතමුන්ගේ විශ්වාසයට අනුව මෙම නාමය බිහිවි ඇත්තේ එය වට වි ඇති කොබ්බෑගල , බෝලගල සහ අලගල්ල යන කඳු තුන යන අදහස පදනම් කරගෙන යැයි පැවසේ. ජනප්‍රවාදයේ එන කථාවක් වනුයේ ගජබා රජුන්ගේ කාලයේ ඉන්දියාවෙන් රැගෙන විත් මෙහි පදිංචි කළ පිරිස 150 පමණ වු නිසා එය “ තුන් පනහ ” ලෙසද පසුව තුම්පනේ ලෙසද ව්‍යවහාර වු බව පැවසේ.
තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුඵ වර්ග ප්‍රමාණය කිලෝමීටර් 63. 26 ක් වේ. ගම් හා කොලනි 120 කින් සමන්විත මේහි 2018 වර්ෂයේ සමස්ථ ජනගහණය ආසන්න ලෙස 41000 ක් පමණ වේ.

විමධ්‍යගත පරිපාලනයෙන් පසු සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| එම්.බී. වීරසේන මයා | 1990 පෙබරවාරි | 1995 පෙබරවාරි |
| බී.එම්.කේ.ඩබ්. කුමාරසිංහ මයා | 1995 මාර්තු | 1995 ඔක්තෝබර් |
| අනෝමා එස්. පොල්වත්ත මිය (වැ. බ.) | 1999 දෙසැම්බර් | 2000 ජනවාරි |
| විඡයරත්න සකලසූරිය මයා | 2000 පෙබරවාරි | 2000 දෙසැම්බර් |
| ඡී. බී. දමුනුපොල මයා | 2000 දෙසැම්බර් | 2002 පෙබරවාරි |
| එස්. බී. බැද්දේවෙල මයා (වැ. බ.) | 2002 මාර්තු | 2002 අප්‍රේල් |
| අනුර ධර්මදාස මයා | 2002 අප්‍රේල් | 2002 අගෝස්තු |
| ගාමිණී දසනායක මයා | 2002 සැප්තැම්බර් | 2003 ජූලි |
| බී. ඡී. එච්. එන්. සුගතදාස මයා (වැ. බ) | 2003 ජූලි | 2003 සැප්තැම්බර් |
| ඩබ්. එම්. ටී. බී. වන්නිනායක මයා | 2003 සැප්තැම්බර් | 2006 ඔක්තෝබර් |
| ඩබ්. එම්. කේ. කේ. කරුණාරත්න මිය | 2006 ඔක්තෝබර් | 2009 අප්‍රේල් |
| එම්. ඩී. කේ. එස්. සූරියම්පොල මිය | 2009 අප්‍රේල් | 2011 දෙසැම්බර් |
| එස්.සේනානායක මයා | 2011 දෙසැම්බර් | 2013 අප්‍රේල් |
| තුසිතා එන්.ඩබ්.රණසිංහ මිය | 2013 අප්‍රේල් | 2018 සැප්තැම්බර් |
| එස්.එම්.සී.ගුණරත්න මිය | 2018 සැප්තැම්බර් | 2023 දෙසැම්බර් |
| ඩබ්.ජී.එම්.හේමන්ත කුමාර (වැ. බ) | 2024 ජනවාරි | 2024 පෙබරවාරි |
| ඩබ්.ජී.එම්.හේමන්ත කුමාර | 2024 පෙබරවාරි | 2024 ජුනි |
| ටී.එම්.කේ.බී.වීරසිංහ (වැ. බ) | 2024 ජුනි | 2024 අගෝස්තු |
| සමීර නුවන් රත්නායක මයා | 2024 අගෝස්තු | මේ දක්වා |