Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
මළල ක්රීඩා දක්ෂතා වෙනුවෙන් උපහාර
2019 - ප්රවීනයන්ගේ මළල ක්රීඩා තරඟාවලියේ මීටර 100, මීටර 200 දාවන තරඟ ඉසව් සහ දුර පැනීම ඉසව්වෙන් ප්රථම ස්ථානය ලබා ගනිමින් අප කාර්යාලයට මෙන්ම අප කොට්ඨාසයට කීර්තියක් ගෙන දුන් අප ආයතනයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරි එච්.එම්.එස්.කේ හේරත් මහත්මියට කාර්යාලීය සුභසාදක සංගමය මගින් උපහාර තිළිණයක් සංවිධානය කර තිබුණු අතර එම තිළිණය ප්රාදේශීය ලේකම් එස්.එම්.සී ගුණරත්න මහත්මිය විසින් ප්රදානය කරන ලදී.
සේවා පියස විවෘත කිරීම - බරන්දර
ගලගෙදර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බරන්දර ග්රාම නිලධාරි වසමේ නිලසෙවන සේවා පියස පරිශ්රය පසුගිය 2019.07.25වන දින සුබ මොහොතින් නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම.
මෙම අවස්ථාව සඳහා සම්බන්ධීකරන කමිටු සභාපති ගරු පද්මලාල් ද අල්විස් මහතා, ප්රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්රාදේශීය ලේකම් තුමිය, සහකාර අධ්යක්ෂ තුමන්, පරිපාලන ග්රාම නිලධාරි මහතා, ග්රාම නිලධාරි මහත්ම මහත්මීන් , සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.



පොසොන් පිරිත් පිංකම
ප්රාදේශීය ලේකම් තුමියගේ පූර්ණ මඟ පෙන්වීම සහ කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව රාජ්ය පොසොන් උත්සවයට සමගාමිව “සබ්බේ තසන්ති දණ්ඩස්ස” (සියළු සත්වයෝ දඬුවමට බිය වෙති) යන්න තේමා කර ගනිමින් රජයටත්, ශ්රී ලාංකික සැමටත් සෙත් පතා සංවිධානය කරන ලද පිරිත් පිංකම් වැඩසටහන 2019.06.13 දින රාත්රියේ කාර්යාලීය පරිශයේ දී සාර්ථකව පැවැත්වුණි.








































